1989 වර්ෂයෙන් පසුව අනුරාධපුරයේ ගොවීනට මෙවර මහ කන්නය අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ප‍්‍රසන්න ද සිල්වා මහතා පවසයි. ඒ නුවර කලාවියේ වැව් අමුණු පිරීමට තරම් ප‍්‍රමාණවත් පරිදි මෙතෙක් වැසි නොලැබීම හේතුවෙනි. එය නුවර කලාවියට ආගන්තුක තත්ත්වයකි. මාස් කන්නය අරභයා ඇදවැටෙන ධාරාණිපාත වැසි මගින් වැව් පුරවා යල කන්නය සඳහා ද ජලය ශේෂ කරගැනීම අතීතයේ පටන් පැවැති සම්ප‍්‍රදායයි. එහෙත් මෙවර තත්වය හාත්පසින්ම වෙනස් බව වාරිමාර්ග හා මහවැලි නිලධාරීන්ගේ නිගමනය වී ඇත. ඉකුත් මහ කන්න වලදී කලාපයේ කෙත්වතු පුරා මේ වනවිට පැළ ගොයමය. එහෙත් හැමගේ අවාසනාවට මෙවර සිදුව ඇත්තේ වෙනකක්ය යන්න ගොවීහු පවසති.
මහා, මධ්‍යම සහ සුළු පරිමාණයේ වාරි ජලාශ යටතේ සිදුවන වගාවන් ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ප‍්‍රමාණාත්මකව මෙවර පහළ යනු ඇති බව ගොවීන්ගේ නිගමනය වී තිබේ. එය කවර තත්ත්වයක් යටතේ වුවද යහපත් නොවන බව පැහැදිලිය. පූර්ව සූදානමක අවැසි බව සන් කරන්නකි. තවදුරටත් වැසි පමාවුවහොත් මෙවර මහ කන්නයේ &අනුරාධපුර” වාරිමාර්ග බල ප‍්‍රදේශය තුළ බෝග වගාව 20 කට පමණ සීමාවීමට ඉඩ ඇති බව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ප‍්‍රසන්න ද සිල්වා මහතා පවසයි.
වාර්ෂිකව ජාතික වී අස්වනු අවශ්‍යතාවයෙන් ඉහළ අගයක් සපුරන අනුරාධපුරයේ ඇති වගා කළ හැකි වාරි ඉඩම් ප‍්‍රමාණය අක්කර 319,622 කි. ඒ මහා වාරිමාර්ග යටතේ අක්කර 146,158 ක්ද, මධ්‍යාම ප‍්‍රමාණයේ වාරිමාර්ග මෙන්ම කුඩා ප‍්‍රමාණයේ වැව් හා ජලාශ යටතේ අක්කර 135,306 ක්ද වන පරිදිය. වර්ෂාව මගින් වගාවන් සිදුකළ හැකි අක්කර 38,158 ක භූමියද මේ අතර වේ.
අවසන් සංගණන වාර්තාවන්ට අනුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 කින් සැදි ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 694 ක් තුළ පිහිටි කුඩා ගම්මාන 2231 කින් යුත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඇති සමස්ත වැව් ගණන 2667 කි. ඒ මහා වාරිමාර්ග 13 ක්ද, මධ්‍යම ප‍්‍රමාණයේ වාරිමාර්ග 85 ක්ද, කුඩා ප‍්‍රමාණයේ වැව් හා ජලාශ 2569 ක්ද වන අන්දමිනි.
මේ වනවිට නුවර වැව, වාහල්කඩ වැව සහ රාජාංගණය වැව යන ජලාශ යටතේ පමණක් මහ කන්නයේ වගාවන් ඇරඹීම සඳහා දියවර නිකුත්කොට ඇති බව වාරිමාර්ග බලධාරීහු පවසති. ඒ අනුව වාරි ඉඩම් අක්කර 2,600 ක් සහිත නුවර වැව යටතේ සමස්ත භූමිය සඳහාත්, රාජාංගණය සහ අංගමුව වැව් යටතේ ඇති සමස්ත වාරි ඉඩම් අක්කර 15,500න් අක්කර 6,000ක් සඳහාත් දියවර නිකුත් කිරිම අරඹා ඇත. එමෙන්ම වාහල්කඩ වැව යටතේ ඇති වාරි ඉඩම් අක්කර 2,000ම වී වගා කිරීමට දියවර නිකුත් කිරීම පවතින තත්ත්වය හමුවේ අවධානයට ලක්වන විශේෂත්වයකි.
එහෙත් වාරි ඉඩම් අක්කර 7,000 කින් යුතු නාච්චාදූව වැව සහ වාරි ඉඩම් අක්කර 13,400 ක් සහිත පදවිය වැව මගින් මෙවර මහ කන්නය අරඹයා දියවර නිකුත් කිරීමේ කවර හෝ සූදානමක් මෙතෙක් නැති බව ගොවීහු පවසති. මේ හැරැණු විට වාරි ඉඩම් අක්කර 2,664ක් සහිත මහවිලච්චිය වැව, වාරි ඉඩම් අක්කර 10,500ක් සහිත හුරැළුවැව, වාරි ඉඩම් අක්කර 2,470 කින් යුතු මහකනදරාව වැව යන අනුරාධපුරයේ ප‍්‍රධාන ජලාශ කිහිපය යටතේද මෙතෙක් මෙවර මහ කන්නය අරභයා දියවර නිකුත් කිරීමක් සිදුකොට නැති බව වාරිමාර්ග නිලධාරිහු කියති.
එසේම වාරි ඉඩම් අක්කර 385 ක් ඇති අභය වැව, වාරි ඉඩම් අක්කර 905 කින් යුතු තිසාවැව, වාරි ඉඩම් අක්කර 465 ක් සහිත තුරැවිල වැව, වාරි ඉඩම් අක්කර 425 ක් ඇති මානන්කට්ටිය වැව යන ජලාශ යටතේ ජීවිකාව සරිකරන දහස් සංඛ්‍යාත ගොවීන්ට ද තවමත් අවිනිශ්චිතව බලා සිටීමට සිදුව ඇත. මේ අතරින් මහකනදරාව වැව යටතේ ඉකුත් යල් කන්නයේද කවර හෝ වගාවක් සිදුනොවුණේ එහි අලුත්වැඩියාවන් සඳහා වැව මුළුමනින්ම හිස්කිරීම හේතුවෙනි. මේ තත්ත්වය තමන් කබලෙන් ළිපට වැටීමක් බව ගොවීහු පවසති.
අනුරාධපුරයේ ප‍්‍රධානතම ජලාශය ලෙස සැලකෙන කලාවැව කේන්ද්‍රීයව පවතින මහවැලි එච් කලාපයේ මෙවර මහ කන්නයේ සමස්ත වාරි ඉඩම් ප‍්‍රමාණයෙන් 40% කට පමණක් දියවර නිකුත් කිරීමට යෝජිත බව එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය පවසයි. ඒ වී වගාව සඳහා 20ක්ද, එළවළු ඇතුළු අතිරේක බෝග වගාවන් සඳහා 20ක්ද වන අන්දමිනි. මේ වනවිට කලාවැවේ පවතින ජල ධාරිතාවය පිළිබඳව සැළකිලිමත් වී කෘෂි ව්‍යාපාර කමිටු රුස්වීම මගින් මෙම තීන්දුවට එළැඹි බව එම කාර්යාලය පැවසීය.
ඉහළ ජලාධාර ප‍්‍රදේශ මගින්ද පෝෂණය වන, අක්කර අඩි 100,000 ක ජල ධාරිතාවයක් දැරිය හැකි කලාවැව මගින් පානීය ජලය සම්පාදනයටද විශාල දායකත්වයක් දැරීමට සිදුව තිබීම මේ තත්වයට හේතුවී ඇත. විශේෂයෙන් අනුරාධපුරය ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට පානීය සහ අනෙකුත් සනීපාරක්ෂක අවශ්‍යතාවයන් සඳහා ජලය සම්පාදනය කෙරෙනුයේ කලාවැව මගිනි. එය අක්කර අඩි දස දහස් ගණනකි.
කලාවැවේ දකුණු ඉවුර ඇළ මගින් පෝෂණය වන වාරි ඉඩම් හෙක්ටයාර් 14,011 ක් සඳහා වගා කන්නයකට අක්කර අඩි 146,410 ක ජල ප‍්‍රමාණයක් ද, වාරි ඉඩම් හෙක්ටයාර් 6642 කින් සමන්විත කලාවැවේ &වම් ඉවුර ඇළ” මගින් පෝෂණය වන භූමිය වෙත වගා කන්නයකට අක්කර අඩි 68,820 ක ජලය ප‍්‍රමාණයක් ද, යෝධ ඇළ මගින් සරැ වන වාරි ඉඩම් හෙක්ටයාර් 4720 ක් සඳහා වගා කන්නයකට අක්කර අඩි 39,580 ක ජලය ප‍්‍රමාණයක් ද අවශ්‍ය බව මහවැලියේ නිගමනය වී තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස අක්කර අඩි 254,810 ක ජල ප‍්‍රමාණයක් වගා කන්නයකට අවශ්‍ය වේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා බල ප‍්‍රදේශ 41 ක පිහිටි අති බහුතරයක් ග‍්‍රාමීය වැව් යටතේ මෙවර මහ කන්නයේ වගාවන් ආරම්භ කිරීමට තරම් ජලය ඒකරාශි වී නැති බව ගොවීහු පවසති. අඩියටම සිඳී ගිය බොහෝමයක් කොටු වැව් තවමත් එලෙසම පවතී. ඇද වැටුණු වැස්සට දෙකට කුඹුරැ අස්වද්දවා වැපුරෑ ගොවීන්ගේ මහන්සියද අපතේ යා හැකි පසුබිමක් මේ අනුව නිර්මාණය වී ඇත. විසල් වැහි තුන හතරකින් හැරෙන්නට මතුව ඇති අසහනයට වෙනත් කවරකින් හෝ සහනයක් නොවනු ඇති බව ගොවීහු පවසති. දෙවියන්, බුදුන් අභිමුව ඔවුන් ආයාචනය කරනුයේ එයමය.
කතාව හා සේයාරෑ -
තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග